සිහිනයකි

29.11.10 8:19 AM Posted by Unknown 3 comments

සිහිනයක
සැරිසරණ
තුරා නිදි
නොලදත්....

සිත වසග කළ
සුවදක්
වහනය වන
තැනක් නැති....
ගීතයක්

මියුරු සරයෙන් පිරි
ගැයෙනා තැනක් නැති ......
හැඩ‍ට ගලනා
ගගුලක්

ඇරඹුමක් නැති....
සෙදුරු වූ හමුවක්
අරඹුමක් නැති....
අවසානයක් නැති..............


උපන් දිනය

23.11.10 1:09 AM Posted by Unknown 0 comments


මොකක්ද? උපන්දිනය කියන්නෙ.
ඇයි අපි මේ දවස සමරන්නේ
අනෙක් අයව සතුටුකරන්න 
උත්සහ කරන්නෙ,
හොදට හිතල බලන්න.
අවුරුද්දට එක දවසක් 
ඇයි අපි මෙහෙම සතුටු‍ වෙන්නෙ
අපි සතුටු විය යුත්තේ,
ඒ සදහා කාරණයක් තිබේ නම් පමණයි.

උපන්‍ දිනය දව‍ස කියන්නෙ අපට සතුටු වීමට කාරණයක්ද?
එදා තමන් ඉපදුන එක
තමාට හෝ වෙනයම් කෙනෙකුට
සතුට විය හැකි කාරණයක් නම්
සතු‍ටු වීමේ වරදක් නැත
එසේ නොමැති නම් අප කුමක්ද කලයුත්තේ
සිතාබලන්න.....................



සඳපහන් රැයේ

14.11.10 7:47 AM Posted by Unknown 0 comments


ඳපහන් රැයේ
ගෙවනා සෑම මොහොතකම
සිතට දැනෙනා සියළු දේ
කෙසේ පවසන්නද?
වචන වලට හරවා
සිතේ සිතුවිලි
සිර කරගෙන සිටින
මට නින්ද නොම එයි
මේ රාත්‍රීයේ






මත‍කයේ හසරැල්

12.11.10 4:09 AM Posted by Unknown 0 comments

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම්
සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවා නම්
මා සොයා යළි ඇවිත් සිපගන්නකෝ මා දෙතොල්

මතකයෙ හසරැල් නැගෙන රැයේ
දෙනතින් කුලැල්  ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ

ඔබ ඇයි අන්සතු උනේ ඔබ ඇයි මා හැර ගියේ
පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇී තිබේ
සිතකින් ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ
දුක පමණයි මට උරුම උනේ
ඔබ හා මා යළි හමුවේනම්
ජිවිතයම ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්

මතකේ හසරැල්......//


රැකගන්න

10.11.10 10:21 PM Posted by Unknown 0 comments


අහිමි වුණ ආදරය නිසා
යම් වේදනාවක් 
සිතට ඇතුළු වෙද්දී
අහිමි නොවුණ ආදරය
රැක ගැන්නට 
අපට හැකිවේනම්
අපට හිමි වන්නේ
ආදරයයි!




ආදර ත්‍යාගය

8.11.10 9:10 AM Posted by Unknown 0 comments

ආදරයට තෑගි දෙකකි.
පළමු වැන්න ආදරයට සම්බන්ධ වස්තුවයි
දෙවැන්න ආදරයයි...
ආදරය ජයග්‍රහණයයි....
ජයග්‍රහණයට හිමි ත්‍යාගය අහිමි වුවත්
ආදරය අහිමි නොවේ..........


වැඩියෙන් දෙන්න

7.11.10 4:43 AM Posted by Unknown 1 comments

අතින් ඇල්ලිය හැකි දේ
දෙන්න දෙන්නඅඩුවේ
අතින් ඇල්ලිය නොහැකි 
සතුට, ආදරය, සත්‍යය
අප තුල අසීමිතව ඇත
එය දෙන්න දෙන්න වැඩිවේ


අනේ මට පිහිට වෙන්න

3.11.10 9:33 AM Posted by Unknown 1 comments


සරණක් නැති 
පිහිටක් නැති 
මේ
සසර දනව්වේ
කොතනක හෝ
මම අසරණ වෙලා ව‍ගේ
සිතට දැනේනවා
බුදුහාමුදුරුවනේ !!!!!







Give one chance

1.11.10 3:47 AM Posted by Unknown 2 comments