මගේ ජයග්‍රහණය

31.12.10 10:27 PM Posted by Unknown 2 comments

දින ගණනක් බලා සිටියේ
ඒ දවස එනතුරුය
නමුත් මිතුරන්ගේ පසු බැසීම්
හමුවේ,
මාහා එක්ව දක්ෂ මිතුරන්
කිහිප දෙනෙක්ම....
පැමිණියේය.

එදා ඒ වැඩ සටහන මෙහෙය වූ.
ඒ අති දක්ෂයා.
පළමුවෙන්ම අපව ඔසවා තැබූ තැන නිසා
අපට ඇති වූ ශක්තිය
කියා නිම කළ නොහැක
විශාල බලාපොරොත්තු
මා ප්‍රබලයෙකු ක‍ළේය.

එදා වැඩ සටහන අවසානයේ 
මා දිනාගත් ඒ ජයග්‍රහනය 
කිසි දිනක සිතින් අමතක කළ නොහැක
ඒ සදහා මට දිරිය දුන් සැමට 
නිහතමානීව මාගේ ගෞරවය
හිමිවනු නොඅනුමානය....................................

වීරයාණෙනි

20.12.10 1:46 AM Posted by Unknown 0 comments


විලකුන් සුරත් ඵල සැපත ඔබ 
පණුවෝ නොගසා-ඉහද නොවැ දී
දිවි රැකෙන් ‍ගිලිහෙන
හෙට දිනට සාරවත් අංක=ර
පොළෝ ගැබ- දෙබැකර නැගි සිටවනු පිණිසම
සිය ලෙයින් සුජාත-පරපුරක් බිහිකර
ඔවුන් පෙළ ගන්වා ඇත
පොදුජන අර‍ගලයේ පෙරහැරට......
ඉදින් යුග යුග යා කළ වීරයාණෙනි !
කදුලක් නොව ඔබ වෙනුවෙන් 
නිසල සිරුර මත වැටුණේ
දිරි-විරි-පිරි නව පැතුමකි!
හදවත පිපි රතු කුසුමකි