අම්මා

28.6.11 12:13 AM Posted by Unknown 0 comments


ඔබ නොමැතිව මේ සසරේ
ජීවත් විය හැකි යැයි 
කිසිවිටක නොසිතේ

කොපමණ ලැබුණද සෙනෙහස
නෑ ඇති වෙන්නේ කිසි දින

සුළු දෙයකට 
ඔබ හා විරසක වුවත්
සුළු මොහොතට
දරා ගතනොහැක එය

කවදා හෝ
දුරස්වේ යැයි සිතන විට 
කෙසේ ඉවසන්නද

මෙලොව කුමන දේ 
අහිමි වුවද 
ඔබ කිසි දිනක මා හැර 
නොයැතැයි 
මම බැගෑපත්ව ඉල්ලා සිටිමි......................

පාලොස්වක සද

18.6.11 9:35 AM Posted by Unknown 0 comments