තනිවෙන්නට මගේ ලොවේ

30.9.11 8:05 AM Posted by Unknown 0 comments

තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....

සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියා දෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ....

තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....


මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේ දෝ....

තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ළඟින්.....





සිහිල් සුළං රැල්ලේ

1.9.11 8:59 PM Posted by Unknown 0 comments
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවද මුසු වේ //

ආදරයේ මග
සිනිදු පහස ලද
හදවත දළු සෙනවේ

සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවද මුසු වේ 

 සුදුවැලි අතරේ
පිපුණු මල වගේ
ලොව්තුරැ රස ගංගා //
ඔබේ ආදරේ වරුෂා වැහැලා
කතර දැවුනු අදරේ

සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවද මුසු වේ //

සීත ඉමව්වේ 
කදු ගැට අතරේ
සෙනහස් දිය දාරා //
ඈත ඉමේ කදු
අතරේ පාවෙන
අමා සුවය පැතුවේ//

සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවද මුසු වේ //
ආදරයේ මග 
සිනිදු පහස ලද
හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවද මුසු වේ //