අම්මා සදකි මම ඒ ලොව හිරු ය රිදී
ඒ ඉර හදෙන් මුළු ලෝකය එළිය වුණී
රැකුමට පුතුන් දිවියේදුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව්ගී ලිය වුණා මදී
සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවිබර මට දැනුනේ
මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගේ ලේ කිරි නොවුනේ
මවකට මුවාවි නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ
October 31, 2010 at 9:40 PM
පිය සෙනෙහස මවු සෙනෙහස තරම්ම උතුම් බව හදුනා ගන්න දරුවනි