කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම්
සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවා නම්
මා සොයා යළි ඇවිත් සිපගන්නකෝ මා දෙතොල්
මතකයෙ හසරැල් නැගෙන රැයේ
දෙනතින් කඳුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ
ඔබ ඇයි අන්සතු උනේ ඔබ ඇයි මා හැර ගියේ
පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ
සිතකින් ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ
දුක පමණයි මට උරුම උනේ
ඔබ හා මා යළි හමුවේනම්
ජිවිතයම ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්
මතකේ හසරැල්......//
Post a Comment
ඔබෙ අදහස් දහස් වටී