අහිමි උනත් නුඹ ලදේ මට ...............................

31.8.11 10:56 PM Posted by Unknown
අහිමි උනත් නුඹ ලදේ මට
අඩන්න අවසර නෑ //

වෙලෙන් එහා ඉද 
උඹේ සුවද වත
එතී ආ සුළං මගෙ මුව සිම්බා

අහිමි උනත් නුඹ ලදේ මට
අඩන්න අවසර නෑ 

නොපැතු අතකට
අත දුන් දවසේ
හෙලූ දුක් සුසුමු 
මගෙ මුව සිම්බා

අහිමි උනත් නුඹ ලදේ මට
අඩන්න අවසර නෑ 

නුඹ කැන්දන් ගිය 
මංගල දිනයේ
දූලි වලාවෝ
 මගෙ මුව සිම්බා

කියා ගන්න බැරි දුකක් නිවන්නට 
නෙත හෙලු කදුලක් මගෙ මුව සිම්බා

අහිමි උනත් නුඹ ලදේ
 අඩන්න අවසර නෑ //








0 Response to "අහිමි උනත් නුඹ ලදේ මට ..............................."

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී