ගහක මල් පිපිලා

20.12.12 8:38 AM Posted by Unknown 0 comments

ගහක මල් පිපිලා
පිපෙන්නේ..... ඇයිද නොදන්නෙමි..............
හිතක මල් පිපිලා.........
පිපෙන්නේ....... ඇයිද නොදන්නෙමි...........

නුඹට සිත බැදුනේ කිමැයි මා .......
තවම නොදන්නෙමි........
නුඹට හිත බැදි කාරණය
මම තවම සොයන්නෙමි

කතරෙ වැලිකැට හිරුට පෙම්බැද
ඈතත් ලෝ දහමින්..........
සොදුරු වැස්සට දැවෙන කතරක්,
ආදරෙයි පණමෙන් .......

ලොවට නොපෙනෙන අරුම සෙනෙහස,
ඒ වගෙයි මනරම්, කරනු බැරි තහනම්..........

සදට සදහට සෙනේ පෑමුත්,
උදුල තරුකැටටයම්....
හිරුට පෙම්බැදි එකදු තරුවක්,
සිටිය නොහැකිද යම්........

නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්...........
පුදුමවෙයි නුඹ නම් ..................


ඔබෙන් තොර ලෝකයක්

14.12.12 1:33 AM Posted by Unknown 0 comments
ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
ඔබෙන් තොර හීනයක් ඔබෙන් තොර මාවතක් 
ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ

දකින හැම රූපයම ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීයකම ඔබේ කටහඬ ඇසේ
ඔබේ කටහඬ ඇසේ

ඔබෙන් තොර  //

සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ
ඇසපියෙන් ඇසපියට ඔබ පමණි සිටින්නේ
ඔබ පමණි සිටින්නේ

ඔබෙන් තොර  //



ගතින් ඉන්නට

11.12.12 8:55 AM Posted by Unknown 0 comments
ගතින් ඉන්නට නැතත් ළංවී
සිතින් යන්නට එපා වෙන් වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ

ඔබේ දෙනෙතින් ලොව බලන්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ
ඔබේ හසරැල්ලයි

ඔබේ ඇසුරින් යළි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ
ඔබේ හසරැල්ලයි


දිව්රාලා පවසන්න

4.12.12 8:01 PM Posted by Unknown 0 comments
දිව්රාලා පවසන්න මට ආදරේ නම්
මගේ ලොකේ ඔබ විතරමයි සිතෙනවානම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක් කල්
ඔබමයි මගෙ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්

හිරු මල් දෑසෙ සගවා වලාරොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාම සොඳුරේ

සියුමැලි ඇගිලි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තුරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමැයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා

හිරු මල් දෑතේ සඟවා .........................



මා දෑසේ වේදනා.........

22.8.12 11:24 PM Posted by Unknown 0 comments

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ නැත වෛර චේතනා //

පෙරදා ඔබෙන් මෙම ලැබු නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගෙනු කලා //
ඒ සිහින මව මවා මා දෑස නෙත් කලා

මා දෑසේ වේදනා .............

මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින් ඔය දෑස් නෙත් කලේ//
මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ.

මා දෑසේ වේදනා ........ //