ගහක මල් පිපිලා

20.12.12 8:38 AM Posted by Unknown 0 comments

ගහක මල් පිපිලා
පිපෙන්නේ..... ඇයිද නොදන්නෙමි..............
හිතක මල් පිපිලා.........
පිපෙන්නේ....... ඇයිද නොදන්නෙමි...........

නුඹට සිත බැදුනේ කිමැයි මා .......
තවම නොදන්නෙමි........
නුඹට හිත බැදි කාරණය
මම තවම සොයන්නෙමි

කතරෙ වැලිකැට හිරුට පෙම්බැද
ඈතත් ලෝ දහමින්..........
සොදුරු වැස්සට දැවෙන කතරක්,
ආදරෙයි පණමෙන් .......

ලොවට නොපෙනෙන අරුම සෙනෙහස,
ඒ වගෙයි මනරම්, කරනු බැරි තහනම්..........

සදට සදහට සෙනේ පෑමුත්,
උදුල තරුකැටටයම්....
හිරුට පෙම්බැදි එකදු තරුවක්,
සිටිය නොහැකිද යම්........

නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්...........
පුදුමවෙයි නුඹ නම් ..................


ඔබෙන් තොර ලෝකයක්

14.12.12 1:33 AM Posted by Unknown 0 comments
ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
ඔබෙන් තොර හීනයක් ඔබෙන් තොර මාවතක් 
ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ

දකින හැම රූපයම ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීයකම ඔබේ කටහඬ ඇසේ
ඔබේ කටහඬ ඇසේ

ඔබෙන් තොර  //

සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ
ඇසපියෙන් ඇසපියට ඔබ පමණි සිටින්නේ
ඔබ පමණි සිටින්නේ

ඔබෙන් තොර  //



ගතින් ඉන්නට

11.12.12 8:55 AM Posted by Unknown 0 comments
ගතින් ඉන්නට නැතත් ළංවී
සිතින් යන්නට එපා වෙන් වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ

ඔබේ දෙනෙතින් ලොව බලන්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ
ඔබේ හසරැල්ලයි

ඔබේ ඇසුරින් යළි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ
ඔබේ හසරැල්ලයි


දිව්රාලා පවසන්න

4.12.12 8:01 PM Posted by Unknown 0 comments
දිව්රාලා පවසන්න මට ආදරේ නම්
මගේ ලොකේ ඔබ විතරමයි සිතෙනවානම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක් කල්
ඔබමයි මගෙ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්

හිරු මල් දෑසෙ සගවා වලාරොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාම සොඳුරේ

සියුමැලි ඇගිලි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තුරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමැයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා

හිරු මල් දෑතේ සඟවා .........................



මා දෑසේ වේදනා.........

22.8.12 11:24 PM Posted by Unknown 0 comments

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ නැත වෛර චේතනා //

පෙරදා ඔබෙන් මෙම ලැබු නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගෙනු කලා //
ඒ සිහින මව මවා මා දෑස නෙත් කලා

මා දෑසේ වේදනා .............

මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින් ඔය දෑස් නෙත් කලේ//
මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ.

මා දෑසේ වේදනා ........ //

ඇස් ආදරෙන් පූරෝනා

27.7.12 2:21 AM Posted by Unknown 0 comments
ඇස් ආදරෙන් පූරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වන්න ඕනා
මිය දෙන්න දෙන්න උණුහුමේ ඔබේ........
මා හදවතින්ම උමතු වී තියේ .............

ඔබ සිහිවන හැම මොහොත්ක් ගානේ
දැක ගන්නට ඔබ මා ලග නෑනේ
නුදුරේදීම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොදුරියේ
මට ඔබම තමයි ඕනා ..............


ඇස් ආදරෙන් පූරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වන්න ඕනා
මිය දෙන්න දෙන්න උණුහුමේ ඔබේ........
මා හදවතින්ම උමතු වී තියේ .............

රැක ගන්නම් ජීවිතයම වාගේ
එක සැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ

නොසිදෙන මහ සාගරේ
තරමට මගේ ආදරේ

මට ඔබම තමයි ඕනා ...


ඇස් ආදරෙන් පූරෝනා
හිත පාළුවෙන් ගලෝනා
ඔබ මගෙම වන්න ඕනා
මිය දෙන්න දෙන්න උණුහුමේ ඔබේ........
මා හදවතින්ම උමතු වී තියේ .............

උන්මාද වූ ප්‍රේමාදරේ

14.6.12 9:06 AM Posted by Unknown 0 comments
උන්මාද වූ ප්‍රේමාදරේ
සමණල වසන්ත යෞව්වනයේ
සංසාරයේ සුභ පාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ

රළ පෙළ කැළඹේ හසගන විලසේ
ලවනට සුදු මුදු පහස ලැබේදෝ.......//
ඔබ හදවත මා හදුනා ගත් සේ
මා හදවත ඔබ හැදින ගනීදෝ..............

උන්මාද වූ ප්‍රේමාදරේ

සමණල වසන්ත යෞව්වනයේ
සංසාරයේ සුභ පාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ

කිදුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
සයුරු තෙරෙන් සැගවී ආවාදෝ .....//
චන්ඩ මාරුතේ ඉන්ද්‍රකීලයක් වගේ
නොසැලී ඉන්නට වරම් ලැබේදෝ.........


උන්මාද වූ ප්‍රේමාදරේ
සමණල වසන්ත යෞව්වනයේ
සංසාරයේ සුභ පාර්ථනා
ඉදුනිල් දෙනයන සටහන් වේ...........



I'm so lonely

31.5.12 8:26 AM Posted by Unknown 0 comments


I'm so lonely broken angel
I'm so lonely, listen to my heart

Man dooset daram
Be cheshme man gerye nade
Na nemitoonam
Bedoone to halam bade

I'm so lonely broken angel
I'm so lonely, listen to my heart

One and only broken angel
Come and save me, before I fall apart

To har jaa ke bashi kenaretam
Taa aakharesh divoonatam
To to nemidooni ke joonami
Bargard pisham

I'm so lonely broken angel
I'm so lonely, listen to my heart

One and only broken angel
Come and save me, before I fall apart

Lala lejli Lala lejli lalala lala
Lala lejli Lala lejli lalala lala

I'm so lonely broken angel
I'm so lonely, lïsten to my heart

One and only broken angel
Come and save me, before I fall apart

I'm so lonely broken angel
I'm so lonely, lïsten to my heart

One and only broken angel
Come and save me, before I fall apart

Lala lejli Lala lejli lalala lala
Lala lejli Lala lejli lalala lala

Lyrics was added byThrimal

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

27.4.12 9:14 AM Posted by Unknown 0 comments
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ළගට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආදරෙන්

දකින හිමිවන ජීවිතේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඞන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේම හිතුණා...........

නුහුරු නුපුරුදු හීන අරං
ළඟට ඇතුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන් 
නවතින්න හිතුවාද ආදරෙන්

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංජු ගැහෙනා රෑනේ තනි කමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා 
අරුත නොදකින සෙනෙහේ ඔය නමක් රැදුනා...........

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ළගට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආදරෙන්



ගායනය - ආත්මා ලියනගේ

අව්වේ මුතු ඇට වපුරා

2.4.12 7:11 PM Posted by Unknown 0 comments
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ 
ඉද හිනහෙන්නේ අපෙ අප්පච්චී
ඉද හිනහෙන්නේ අපෙ අප්පච්චී

අපා දෙපා සිව්පාවුන්
ගෙන එන වින වලකන්නට
සනසා නුඹ අප වටකර දඩු වැට වෙද්දී
මහකැලේට ඇස් මානා අපෙ අප්පච්චී

අව්වේ මුතු ඇට.................

ජීවිතයේ බඹර වෙලින්
පැණි හොයලා රූටන්නේ
හිත හයියට කලවැල්පොට  වරපොට වෙච්චී
විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී

අව්වේ මුතු ඇට.................




හන්තානට පායන සඳ

30.3.12 9:23 PM Posted by Unknown 2 comments
මේ තමයි " හන්තානට පායන සඳ " ගීතයට මුල් වුනු කථාව
අවාසනාවට ඇත්ත කතාවක්........................
..!
කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.  දෙන්නා අවුරුදු ගානක ඉදන් ආදරේ කරනවා.දෙන්නම කලේ කලා විෂයන්.  සිංහල ට්යුශන් Class යන්න ඕන නිසා දෙන්නම ගියා නුවර Class එකකට.කොල්ලා හදවතින්ම කෙල්ලට ආදරේ කලා.Class ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක.  ... දවසක් සිංහල සර් දැක්කා interval එක වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ.
දවස් ගනන් ගෙවිලා ගියා.විභාගෙ තියෙන දවසත් ලං වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන් උපරිමෙන්ම ලිව්වා.

කොහොම කොහොම හරි Results එන දවසත් ලං උනා.
කෙල්ලට A3.ඒ උනාට කොල්ලගෙ result ටිකක් අවුල්.
 
 කාලය හෙමින් ගෙවිලා ගිහින් අවුරුදු දෙකකට විතර පස්සෙ දවසභා සිංහල සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත් "සර්" කියල කතා කලා. ඒ වෙලාවෙ සර්ට මතක් උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට වගේ ඈහුව " කෝ අර ඔහෙත් එක්ක බත් කවපු ගෑනු ලමය ? " කියල.
කොල්ලගෙ මුන ටිකක් වෙනස් උනා.

”සර් මං ඒ සම්බන්දෙ නතර කලා..”කියල කොල්ල කිව්වා.

සර් ඈහුව " ඈයි පුතේ එහෙම උනේ" කියලා.
කොල්ල කිව්වේ මෙහෙම.
”එයා A/L හොදට පාස් වෙලා පේරාදෙනිය campus ගියා සර්.මට යන්න බැරි උනා. එයාගෙ ලොකේ ගොඩක් වෙනස්නෙ සර්.මං ආයිත් ඔතනට කඩන් පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනවා.එහෙ ගොඩක් ලස්සනයි.මං ආයිත් එයගෙ ජීවිතේට ඇවිල්ල එහේ සතුට නැති කරන්න මට හිත දෙන්නෙ නෑ.දැන් එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”.

මේ සිද්ධියෙන් පස්සෙ සර්ට මේක හිතට වැදුනා.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර් මේ විදියට ලියන්න පටන් ගත්තා.
“හන්තානට පායන හද.
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද.
ඔබට හෑකිය දකින්න”.

“ඇදුරු ලලා වහිනා කල.
සරසවි බිම තෙමෙන්න.
කුඩේ යටින් ඔබ යනකල.
එපා තනිය දෑනෙන්න”.

“ලතා මඩලු අත වනාවි.
එපා අහක බලන්න.
මා ගෑන මතකය ගුලි කර.
මහවැලියට දමන්න”

❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀
මේ තමයි " හන්තානට පායන සඳ " ගීතයට මුල් වුනු කථාව.. ඒ පිරිමි ළමයා තමන්ගේ ආදරේ ඇගේ අනාගතය වෙනුවෙන් කැපකරනවා.. සැබෑ ආදරය සමහර විට ඒ වගේ.. ඒත් ඒ ගැහැණු ළමයා ඇයි ඒ ආදරය අහිමි කරන්න ඉඩ දුන්නේ කියන එක මටත් ප්‍රශ්ණයක්.
 
 
 

පායා ඇයි හින හෙන්නේ

9:19 AM Posted by Unknown 0 comments

පායා ඇයි හින හෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
නැති වී නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්තී.........

අගෙ වත මට නොපෙනේ නම්
පුන් ස‍ද ඇයි හිනෙහෙන්නේ..
නැති දා ඇගෙ ගී රාවේ..
කොවුලනි ඇයි ගී ගැයුවේ.. //


වනයේ පිපි මල් ගොමුවේ
සමණලයිනි ඇයි හැඩුවේ
නැතිවී නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්තී

 පායා ඇයි හිනහෙන්නේ.........

ඇගෙ දිමුතු දසන් නොපෙනේ
මට මොකටද මුතු පංති //
ඇගෙ කදුලැලි නැති විටදී
ඕනෙනෑ දියමන්තී //

පායා ඇයි හින හෙන්නේ
නිල් ගුවනේ තරු රාශී
නැති වී නැතිවී නම් ඇගෙ මුහුණේ
නිල් වන් දෙනෙතේ කාන්තී.........

පායා ඇයි හිනහෙන්නේ



රෑ සිහිනේන්

27.2.12 9:12 PM Posted by Unknown 1 comments
රෑ  සිහිනේන් ඔබ  ළග මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ලග සිත ළතවෙනවා //

මේ බැදුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ... කෙදිනද අප තනිවනනේ

රෑ  සිහිනේන් ඔබ  ළග මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ලග සිත ළතවෙනවා

ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා
ඒ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතෙන්නේ

රෑ  සිහිනේන් ඔබ  ළග මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ලග සිත ළතවෙනවා //



ගායනය - නාමල් උඩුගම

මවකගෙ උණුසුම නොලබා

17.1.12 7:45 AM Posted by Unknown 0 comments


මවකගෙ උණුසුම නොලබා 
සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම
දැනෙනවාද පුතේ...........

ඔබෙන් සිඟිති පුතේ 
මගේ පාළුව මැකේ //

හිතේ තියෙන පාළු ගතිය
මඟහරින්න පුතේ
සුරකුමරුන් සමඟින් ඔබ 
හිනෙහෙනවද පුතේ

අපි දෙන්නා අදුරු ලොවක
තනිකර දා පුතේ
නුඹෙ අම්මා දිව්‍ය ලෝකෙ 
ගියා චූටි පුතේ 

මා අත දී එදා 
ඈ සුර ලොව ගියා 
සුර විමනට වැදී 
මගෙ රන් කද නිදී

තවමත් කිරි සුවද දැනේ 
ඔබේ සිගිති ගතේ 
ඔබ නැති නම් මම දැනටත් 
මැරී ඇතැයි සිතේ

පුතුගෙ උපත මවගෙ විපත 
එක දිනයෙම වුනේ 
කොහොමද මම සිහි කරන්නෙ 
පුතුගෙ උපන්දිනේ

මා අත දී ඔයා 
ඈ සුර ලොව ගියා
ලොකු උනාම අම්මා ගැන 
අහන්න එපා පුතේ 

එතකොට මගෙ දෙනෙත් තුලට 
කදුලු පිරෙයි පුතේ
සුරවිමනට වැදී 
මගෙ රන් කද නිදී