මවකගෙ උණුසුම නොලබා

17.1.12 7:45 AM Posted by Unknown


මවකගෙ උණුසුම නොලබා 
සැපට නිදන පුතේ
ඔබටත් මට මෙන් තනිකම
දැනෙනවාද පුතේ...........

ඔබෙන් සිඟිති පුතේ 
මගේ පාළුව මැකේ //

හිතේ තියෙන පාළු ගතිය
මඟහරින්න පුතේ
සුරකුමරුන් සමඟින් ඔබ 
හිනෙහෙනවද පුතේ

අපි දෙන්නා අදුරු ලොවක
තනිකර දා පුතේ
නුඹෙ අම්මා දිව්‍ය ලෝකෙ 
ගියා චූටි පුතේ 

මා අත දී එදා 
ඈ සුර ලොව ගියා 
සුර විමනට වැදී 
මගෙ රන් කද නිදී

තවමත් කිරි සුවද දැනේ 
ඔබේ සිගිති ගතේ 
ඔබ නැති නම් මම දැනටත් 
මැරී ඇතැයි සිතේ

පුතුගෙ උපත මවගෙ විපත 
එක දිනයෙම වුනේ 
කොහොමද මම සිහි කරන්නෙ 
පුතුගෙ උපන්දිනේ

මා අත දී ඔයා 
ඈ සුර ලොව ගියා
ලොකු උනාම අම්මා ගැන 
අහන්න එපා පුතේ 

එතකොට මගෙ දෙනෙත් තුලට 
කදුලු පිරෙයි පුතේ
සුරවිමනට වැදී 
මගෙ රන් කද නිදී

0 Response to "මවකගෙ උණුසුම නොලබා"

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී