අව්වේ මුතු ඇට වපුරා

2.4.12 7:11 PM Posted by Unknown
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ 
ඉද හිනහෙන්නේ අපෙ අප්පච්චී
ඉද හිනහෙන්නේ අපෙ අප්පච්චී

අපා දෙපා සිව්පාවුන්
ගෙන එන වින වලකන්නට
සනසා නුඹ අප වටකර දඩු වැට වෙද්දී
මහකැලේට ඇස් මානා අපෙ අප්පච්චී

අව්වේ මුතු ඇට.................

ජීවිතයේ බඹර වෙලින්
පැණි හොයලා රූටන්නේ
හිත හයියට කලවැල්පොට  වරපොට වෙච්චී
විරිය පාරමිතා පුරන අපෙ අප්පච්චී

අව්වේ මුතු ඇට.................




0 Response to "අව්වේ මුතු ඇට වපුරා"

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී