පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

27.4.12 9:14 AM Posted by Unknown
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ළගට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආදරෙන්

දකින හිමිවන ජීවිතේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඞන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
ඇත්තමයි නුඹ අහසක් වගේම හිතුණා...........

නුහුරු නුපුරුදු හීන අරං
ළඟට ඇතුළු වෙමින්
ආවාට නොකියාම ජීවිතෙන් 
නවතින්න හිතුවාද ආදරෙන්

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංජු ගැහෙනා රෑනේ තනි කමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා 
අරුත නොදකින සෙනෙහේ ඔය නමක් රැදුනා...........

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ළගට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආදරෙන්



ගායනය - ආත්මා ලියනගේ

0 Response to "පෙනෙන නොපෙනෙන දුරක ඉදන්"

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී