දිව්රාලා පවසන්න

4.12.12 8:01 PM Posted by Unknown
දිව්රාලා පවසන්න මට ආදරේ නම්
මගේ ලොකේ ඔබ විතරමයි සිතෙනවානම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාක් කල්
ඔබමයි මගෙ සෙනෙහෙ නෑ දෙන්නේ කාටත්

හිරු මල් දෑසෙ සගවා වලාරොදක නැගිලා
සත් සමුදුරුම කළඹාලා ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ රැඳී ඉන්න සසරේ
මුදු මල් යහන මගෙ වේද හැමදාම සොඳුරේ

සියුමැලි ඇගිලි තුඩු හදට තදකොට තබාලා
ඔබ සතපන්න තුරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමැයි සිතාලා
නිදියන්න මගෙ මැණික මට තුරුලු වීලා

හිරු මල් දෑතේ සඟවා .........................



0 Response to "දිව්රාලා පවසන්න"

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී