ගතින් ඉන්නට නැතත් ළංවී
සිතින් යන්නට එපා වෙන් වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ
ඔබේ දෙනෙතින් ලොව බලන්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ
ඔබේ හසරැල්ලයි
ඔබේ ඇසුරින් යළි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ
ඔබේ හසරැල්ලයි
Post a Comment
ඔබෙ අදහස් දහස් වටී