මත‍කයේ හසරැල්

12.11.10 4:09 AM Posted by Unknown

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම්
සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් ඔබට දැනෙනවා නම්
මා සොයා යළි ඇවිත් සිපගන්නකෝ මා දෙතොල්

මතකයෙ හසරැල් නැගෙන රැයේ
දෙනතින් කුලැල්  ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ ඔබ මා හැරදා ඇයිද ගියේ

ඔබ ඇයි අන්සතු උනේ ඔබ ඇයි මා හැර ගියේ
පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇති තෙක් මේ භවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇී තිබේ
සිතකින් ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ
දුක පමණයි මට උරුම උනේ
ඔබ හා මා යළි හමුවේනම්
ජිවිතයම ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්

මතකේ හසරැල්......//


0 Response to "මත‍කයේ හසරැල්"

Post a Comment

ඔබෙ අදහස් දහස් වටී